ඉන්දියාවට නව පාර්ලිමේන්තුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
28

ඉන්දියාවට නව පාර්ලිමේන්තුවක්

ඉන්දියාවට නව පාර්ලිමේන්තුවක්

ඉන්දියාවේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය අද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. 

 

නව දිල්ලි නුවර ඉදිකර ඇති මහල් 4 කින් සමන්විත ඉන්දියාවේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල සඳහා වැය කර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 970 කි.

 

පැරණි පාර්ලිමේන්තු මන්දිරයේ ලෝක සභාව සඳහා පවතින ආසන 543 ට සාපේක්ෂව නව පාර්ලිමේන්තු සංකීර්ණයේ ලෝක සභාව සඳහා ආසන 888 ක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

 

එමෙන්ම වත්මන් ඉන්දීය පාර්ලිමේන්තුවේ රාජ්‍ය සභා ආසන 250 ක් පවතින අතර නව පාර්ලිමේන්තුව තුළ එය ආසන 300 ක් දක්වා වැඩි කර තිබේ.
 

views

274 Views

Comments

arrow-up