පාසලක ගින්නකින් ළමුන් 19 දෙනෙකු මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
23

පාසලක ගින්නකින් ළමුන් 19 දෙනෙකු මරුට

පාසලක ගින්නකින් ළමුන් 19 දෙනෙකු මරුට

ගයානාවේ මහීඩා ද්වීතික පාසලේ නේවාසිකාගාරයක ඇතිවූ ගින්නකින් ළමුන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

මියගිය පිරිස අතර ගැහැණු ළමුන් 18 දෙනෙකු සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

ඊයේ (22) මධ්‍යම රාත්‍රී එම ගින්න හටගෙන තිබූ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගින්න මැඩපැවැත්වීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බව වාර්තා වේ.

 

මෙම සිදුවීමත් සමග ගයානාවේ ජනාධිපතිවරයා විසින් එරටට දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

 

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

views

241 Views

Comments

arrow-up