ඇමෙරිකානු ප්‍රහාරක යානා යුක්‍රේන යුද පිටියට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

ඇමෙරිකානු ප්‍රහාරක යානා යුක්‍රේන යුද පිටියට

ඇමෙරිකානු ප්‍රහාරක යානා යුක්‍රේන යුද පිටියට

අමෙරිකාව විසින් නිෂ්පාදනය කරන ලද එෆ් 16 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා යුක්‍රේනයට ලබාදීමට තීරණය කර ඇති බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ජපානයේ පැවැත්වෙන ජී 7 නායක සමුළුවේදී ප්‍රකාශ සිදුකර තිබේ.

 

අදාළ යානා පියාසර කරවීම සඳහා අවශ්‍ය පුහුණුව යුක්‍රේන ගුවන් නියමුවන්ට ලබාදීමට ද අමෙරිකාව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

 

මෙම තීරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ මෙමගින් යුක්‍රේනයේ ගුවන් ශක්තිය ඉහළ නැංවීමට හැකි වනු ඇති බවය.

views

207 Views

Comments

arrow-up