චීනයේ උයිගර් මුස්ලිම්වරුන් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය

චීනය උයිගර්වරුන්ගෙන් බලහත්කාරයෙන් සේවය ලබාගැනීම ඇතුළුව එරට මුස්ලිම් සුලුතරයට සලකන ආකාරය පිළිබඳව තමන් සැලකිලිමත් වන බව එක්සත් ජාතීන්ගේ කමිටුවක් පසුගිය දිනෙක ප්‍රකාශයට පත්කොට ඇත.
පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියාගේ වාර්තාවක් මගින් පවසා ඇත්තේ රටේ බටහිර දෙසින් පිහිටි ෂින්ජියැන්ග් හි මිලියන 10 ක් පමණ වෙසෙන මුස්ලිම් වාර්ගික සුළුතරයක් වන උයිගර්වරුන්ට චීනය සලකන ආකාරය මනුෂ්‍යත්වයට එරෙහි බවයි. ඒ හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත් කරන ලද ස්වාධීන විශේෂඥයන්ගෙන් යුත් කණ්ඩායමක් පසුගිය මාසයේදී ජිනීවා නඩු විභාග මාලාවකින් අනතුරුව එරට ක්‍රියාත්මක වී තිබූ Covid-19 ප්‍රතිපත්ති, මානව හිමිකම් වල සුරක්ෂිතභාවය සහ එහි වෙසෙන මුස්ලිම් සුලුතරය යන මාතෘකාවන් පිළිබඳව පුළුල්ව සාකච්ඡා කොට තිබේ.
එහිදී බලහත්කාරයෙන් සේවය ලබාගැනීම තහනම් කිරීමට අදාළ නීති වහාම සම්මත කරන ලෙසත් එවැනි අසාධාරණයන්‍ට ලක්ව ඇති පිරිස් නිදහස් කරන ලෙසත් එම කමිටුව විසින් දැනුම් දී ඇත. චීනය එම දැනුම් දීමට පිටු 11 ක ප්‍රතිචාරයක් ඉදිරිපත් කළේ තමන් එම නිර්දේශ හොඳින් අධ්‍යයනය කරන බවත් චීනයේ ජාතික ප්‍රතිපත්ති වලට ගැලපෙන ඕනෑම දෙයක් ක්‍රියාත්මක කිරීමට විවෘත බවත් පවසමින්ය.
167 Views
Comments