ජනතාවට සහන දෙන්න වෙන්දේසියේ අලෙවි වන නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජර්සි

නවසීලන්ත ක්‍රිකට් ආයතනය, නවසීලන්තයේ රතුකුරුස ආයතනය සහ නවසීලන්තයේ ප්‍රධාන බැංකුවක් එක්වී එරට මුහුණ දුන් ගේබ්‍රියෙල් සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් ජනතාවට ආධාර එක්රැස් කිරීමේ අරමුණින් සුවිශේෂී වැඩසටහනක් දියත් කොට තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ.
"Pitch In" හෙවත් පිටියට පිවිසීම යන නමින් හඳුන්වා ඇති මෙම අරමුදල් රැස් කිරීමේ වැඩසටහන තුළදී ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඓතිහාසික තරගයක් වන එක් ලකුණකින් ජයග්‍රහණය කළ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය වන නවසීලන්ත එංගලන්ත තරඟයේ දී නවසීලන්ත ක්‍රීඩකයන් විසින් භාවිතා කරන ලද ජර්සි, ඔවුන්ගේ අත්සන් ද සහිතව වෙන්දේසි කිරීමට ඔවුන් තීරණය කොට තිබේ.
එසේම මෙම වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගයෙන් ලැබීමට නියමිත මුදල් ද පරිත්‍යාග කිරීමට ඔවුන් සූදානම් වී ඇති බව වාර්තා වේ.
221 Views
Comments