හිසෙන් බද්ධ වූ නිවුන් දරුවන් දෙදෙනකු සාර්ථකව වෙන් කළ ශල්‍යකර්මය

හිසෙන් බද්ධ වූ බ්‍රසීල ජාතික නිවුන් දරුවන් දෙදෙනකු ශල්‍යකර්මයක් මාර්ගයෙන් සාර්ථක ලෙස වෙන් කිරීමට එක්සත් රාජධානිය ශල්‍ය වෛද්‍යවරයෙකු ඇතුළු කණ්ඩායමක් සමත් වී තිබෙනවා.
අදාල ශල්‍යකර්මය පැය තිස් තුනකට ආසන්න කාලයක් පුරා සිදුකළ ඇති අතර වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය සිය දෙනෙකු සහභාගී වී තිබුණා.
මෙම ශල්‍යකර්මයට භාජනය කර ඇත්තේ සිව් හැවිරිදි බර්නාඩෝ සහ ආතර්ලිමා යන පිරිමි දරුවන් දෙදෙනායි.
මීට පෙරද මෙම දරුවන් වෙන් කිරීම සඳහා ශල්‍යකර්ම හතරකට භාජනය කර තිබෙන අතර වෛද්‍යවරුන් පවසන්නේ මේ වන විට දරුවන් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්වයේ පසු වුවත් සය මසක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා නේවාසිකව ප්‍රතිකාර ගත යුතු බවයි.
324 Views
Comments