පිලිපීන ජනපතිට එරෙහිව විරෝධතා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

පිලිපීන ජනපතිට එරෙහිව විරෝධතා

පිලිපීන ජනපතිට එරෙහිව විරෝධතා

පිලිපීනයේ වත්මන් ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාර්කෝස් හෙවත් බොන්ග් බොන්ග් ගේ පාලනයට එරෙහිව එරට ජනතාව විරෝධතා මාලාවක් ආරම්භ කර තිබෙනවා.

 

දහස් ගණන් විරෝධතාකරුවන් සටන් පාඨ හා පුවරු ප්‍රදර්ශනය කරමින් පාගමනකද නිරත වී ඇති බවයි වාර්තා වන්නේ.

 

වත්මන් ජනපතිගේ පියා පිලිපීන ජනපති වරයා ලෙස කටයුතු කළ කාල පරාසය තුළ සිදුකළ දූෂණ ක්‍රියා කිසිදා අමතක නොකරන බවයි විරෝධතාකරුවන් ප්‍රකාශ කර සිටින්නේ.

 

තම පාලනයට එරෙහි වන පුද්ගලයන් ඝාතනය කිරීමට හා අතුරුදන් කිරීමට ද එම පාලන සමයේ කටයුතු කළ තිබූ අතර ඒ හේතුවෙන් වත්මන් ජනපතිට සිය ධුරයෙන් ඉල්ලා අස් වෙන ලෙසත් ජනතාවට සහන ලබා දීමට පියවර ගන්නා ලෙසත් විරෝධතාකරුවන් ඉල්ලා සිටිනවා.

views

237 Views

Comments

arrow-up