රුසියාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත්වීමට සැරසෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

රුසියාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත්වීමට සැරසෙයි

රුසියාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත්වීමට සැරසෙයි

2024න් පසු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් වී ඒ වෙනුවට තමන්ගේ මධ්‍යස්ථානයක් ඉදි කරන බව රුසියාව පවසා සිටිනවා.

"රොස්කොස්මොස්" හෙවත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රුසියානු අට්ටාලය එතෙක් එහි සියලු වගකීම් වලට ගරු කරන බවයි රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ නව ප්‍රධානී යූරි බොරිසෙට් පවසා සිටියේ.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය 1998 සිට එක්සත් ජනපදය රුසියාව සහ අනෙකුත් හවුල්කාර අභ්‍යවකාශ ඒජන්සි තුනක් සමග එක්ව වැඩ කරනවා.

කෙසේ වෙතත් රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු එම සබඳතා තරමක් දුරට පළුදු වී ඇති අතර බටහිර රටවලින් පැනවූ සම්බාධක හේතුවෙන් රුසියාව මීට පෙර ව්‍යාපෘතියෙන් ඉවත් වන බවටද අනතුරු අඟවා තිබුණා.

 

views

273 Views

Comments

arrow-up