ඇමෙරිකා නිදහස් දින සැමරුම් පෙළපාළියකට වෙඩි ප්‍රහාරයක් - හයක් මරුට

ඇමෙරිකාවේ නිදහස් දින සැමරුම් පෙළපාළියකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්විය.
තුවාල ලබා රෝහල්ගත කළ ගණන 24 කි.
වෙඩි ප්‍රහාරය එල්ල වූයේ චිකාගෝවේ, හයිලන්ඩ් පාර්ක් නමැති නගරයේ පැවැත්වුණු නිදහස් දින පෙළපාළියටයි.
වෙඩික්කරු, වෙළෙඳ ගොඩනැගිල්ලක වහලය මත සිට පහළ මාර්ගයේ පෙළපාළියේ ගමන් කළ පිරිසට වෙඩි තැබූ බව පැවැසෙයි.
වෙඩි තැබීම සිදුවී ඇත්තේ පෙළපාළිය ආරම්භ වී මිනිත්තු කීපයක් ගතවෙද්දීය. වෙඩි ප්‍රහාරයත් සමඟ පෙළපාළියට සහභාගී වූ පිරිස් සහ පෙළපාළිය නැරැඹීමට මග දෙපස රැස්ව සිටි පැමිණි පිරිස් බියෙන් හිස්ලූලූ අත දිවයන ආකාරය දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට ඇමෙරිකන් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.
චිකාගෝවේ සිදුවුණු වෙඩි තැබීම ගැන සැලවීමත් සමඟ තමන් මහත් සේ කම්පනයට පත් වුණු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.
එය සිත්පිත් නැති අපරාධයක් බවත්, ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන පවත්වන ලෙසත් ජනාධිපති බයිඩන් ආරක්ෂක අංශ වෙත දන්වා තිබේ.
වෙඩි වැදී මියගිය 6 දෙනා වැඩිහිටියන් යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. මියගිය 6 දෙනාගෙන් පස් දෙනකු එම ස්ථානයේදීම මියගිය අතර, ඉතිරි පුද්ගලයා මියගොස් ඇත්තේ රෝහල්ගත කිරීමෙන් පසුවය.
තුවාල ලබා රෝහල්ගත කළ පිරිස අතරේ කුඩා දරුවන්, කාන්තාවන් සහ වැඩිහිටියන් ද සිටින බව පැවැසෙයි.
278 Views
Comments