JUN
29
ජපානයටත් විදුලිය අර්බුදයක්

ටෝකියෝ නුවර මිලියන 37 කට අධික ජනතාවට විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස එරට රජය උපදෙස් ලබාදී තිබෙනවා.
ජපානයට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණය මෙයට හේතුවයි.
මේ දිනවල එරට උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවූ අගයක සටහන් වන අතර එම නිසා එම ප්‍රදේශවල වායු සමීකරන භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති හෙයින් ජාතික විදුලිබල පද්ධතියට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් අගනුවර ජනතාවට සවස් කාලයේ පැය තුනක් විදුලි බුබුළු නිවා දමන ලෙස ද වායු සමීකරණ අනවශ්‍ය ලෙස භාවිතා නොකරන ලෙස ද එරට රජය විසින් උපදෙස් ලබාදී තිබෙනවා.
306 Views
Comments