AUG
01
කොරෝනා මරණ පිළිබඳ ඉන්දීය අධිකරනයෙන් නියෝගයක්

කොරෝනා වෛරසය ආසාදනයෙන් පසු හෘදයාබාධ හෝ වෙනත් ඉන්ද්‍රිය අක්‍රිය වීමෙන් සිදුවන මරණ කොරෝනා මරණයක් ලෙස සලකන බවට ඉන්දියාවේ අලහබාද් මහාධිකරණය නියෝගයක් ලබාදී තිබෙනවා.
මහාධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇත්තේ එරට වැසියන් කිහිපදෙනකු ගොනු කළ රීට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
ඒ අනුව මෙම මරණ සඳහා මූල්‍යාධාර ලබා දීමේදී මාසයක් ඇතුළත ලබා දෙන ලෙසට ද එහිදී අධිකරණය නියෝග කර තිබෙනවා.
236 Views
Comments