මධ්‍යම කෙන්යාවේ සිදු වූ බස් රථ අනතුරකින් 30 දෙනකු මරුට

මධ්‍යම කෙන්යාවේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 30දෙනෙකු මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.
පෙරේදා(24) සවස මගීන් පිරිසක් රැගෙන කෙන්යාවේ මෙරු සිට නයිරෝබි අගනුවර දක්වා පැමිණීමේදී පාලමක් මතින් මෙම බස් රථය ගඟකට වැටී මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ තිරිංග ක්‍රියාවිරහිත ව තිබී ඇති බවයි විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් 24 දෙනෙකු අදාල අවස්ථාවේම මිය ගොස් සිටි අතර බරපතළ තුවාල ලැබූ තවත් 6 දෙනෙකු ඊයේ(5) උදෑසන ජීවිතක්ෂයට පත්වී තිබුණා.
කෙන්යාවේ මහා මාර්ග බොහෝවිට පටු වන අතර මෙම මාර්ග පද්ධතිය තුළ රියදුරන් නොහික්මුණ ලෙස ඉතා අධික වේගයෙන් සිදු කරන රිය ධාවනය මෙම අනතුරු සඳහා වැඩි වශයෙන් හේතුවන බවයි පොලිසිය චෝදනා කරන්නේ.
240 Views
Comments