JUL
19
ගානාවෙන් හමු වූ මාබර්ග් ආසාධිතයින් දෙදෙනා මරුට

ඉබෝලා වෛරසයට සමාන මාබර්ග් නම් වෛරසය වැළඳුණු පුද්ගලයන් දෙදෙනකු බටහිර අප්‍රිකාවේ පිහිටි ගානා රාජ්‍යයෙන් හමුවී තිබෙනවා.
මොවුන් දෙදෙනා මියගොස් ඇති අතර බටහිර අප්‍රිකානු රාජ්‍ය සෞඛ්‍ය නිලධාරින් සඳහන් කර සිටියේ මෙම රෝගය ආසාධනය වූ තවත් පුද්ගලයන් 98 දෙනෙකු පමණ මේ වනවිට හමුවී ඇති අතර ඔවුන් නිරෝධායනයට යොමු කර ඇති බවයි.
මෙම වෛරසය සඳහා තවමත් ප්‍රතිකාරයක් සොයා ගෙන නැහැ.
279 Views
Comments