විශ්වයේ වර්ණ ඡායාරූප එලියට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
12

විශ්වයේ වර්ණ ඡායාරූප එලියට

විශ්වයේ වර්ණ ඡායාරූප එලියට

වසර බිලියන දහතුනක් පමණ පැරණි විශ්වයේ ඡායාරූප, වර්ණ ඡායාරූප බවට පත් කිරීමට නාසා ආයතනය සමත් වී තිබෙන බව වාර්තා වනවා.

 

විශ්වයේ මන්දාකිණි පිහිටීම හා ඒවා නිර්මාණය වූ ආකාර මෙම ඡායාරූප වල දැක්වෙන අතර ඒවා පසුගිය දිනක දී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

 

ජේම්ස් වෙබ් නමැති අති නවීන අභ්‍යවකාශ දුරේක්ෂය හරහා මෙම ඡායාරූප ගෙන ඇති අතර විශ්වය පිළිබඳ මිනිසාගේ දැනුම පුළුල් කිරීමට මෙන්ම එහි රහස් අනාවරණය කර ගැනීමට මෙම ඡායාරූප උපකාරී වනු ඇතැයි ඇමරිකානු ජනාධිපතිවරයා එහිදී සඳහන් කර සිටියා.

views

281 Views

Comments

arrow-up