JUL
05
නව ඔමික්‍රොන් උපප්‍රභේදය ඉන්දියාවට

ඊ.ටූ.සෙවන්.ෆයිව් නැමැති නව ඔමික්‍රෝන් ප්‍රභේදය ඉන්දියාව පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වෙනවා.
මෙම ප්‍රභේදය ලොව පුරා රටවල් 63ක මේ වන විට ව්‍යාප්ත වී ඇති අතර ඉන්දියාව තුළ මෙම ප්‍රභේදය වැළඳුණු ආසාදිතයන් කිහිපදෙනකු හදුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් මේ ප්‍රභේදය පිළිබඳ අනියත බියක් ඇති කර නොගත යුතු බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කර සිටිනවා.
273 Views
Comments