JUN
29
ඕස්ට්‍රේලියාවේ මී මැස්සන් මිලියන ගණනක් මී වදවල සිර කෙරෙයි

ඔස්ට්‍රේලියාවේ මී මැස්සන් මිලියන ගණනක් සිර කර තැබීමට එරට මී පැණි කර්මාන්තයේ යෙදෙන්නන් කටයුතු කර තිබෙනවා.
අතිශය හානිකර පරපෝෂිතයකු පැතිරයාම මෙයට හේතුවයි.
මෙම පරපෝෂිතයා මුලින්ම හමු වී ඇත්තේ සිඩ්නි වරාය අසලින් වන අතර ඉන් අනතුරුව ඊට කිලෝමීටර් 100කට එහා ප්‍රදේශවල මී වද වල ද මෙම පරපෝෂිතයා හමුවී ඇති බව වාර්තා වෙනවා.
මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ මී පැණි කර්මාන්තය අඩාල වී ඇති බවද විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කර සිටිනවා.
265 Views
Comments