දෞපදී මුර්මු ජනපති සටනේ පෙරමුණට?
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
19

දෞපදී මුර්මු ජනපති සටනේ පෙරමුණට?

දෞපදී මුර්මු ජනපති සටනේ පෙරමුණට?

ඉන්දියාවේ ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඊයේ(18) ආරම්භ වූ අතර ජනාධිපතිවරයා තෝරාපත් කරනු ලබන්නේ මහජන ඡන්දයෙන් නොව පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ඡන්දයෙනුයි.

ඒ අනුව එරට පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින දෞපදී මුර්මුහට ජනපති ධූරය ලැබීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි විශ්ලේෂකයන් පවසා සිටින්නේ.

කෙසේ වෙතත් ඇය ඉන්දියාවේ 15වැනි ජනපතිවරයා ලෙස තේරී පත්වුවහොත් එම ධූරයට පත්වන ප්‍රථම ගෝත්‍රික කාන්තාව ලෙස ද ඇය ඉතිහාසගත වෙනවා.

ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම එලඹෙන 21 වනදා සිදුකිරීමට නියමිත අතර 15 වැනි ජනාධිපතිවරයා තෝරාපත්කර ගන්නේ එලඹෙන විසි පස් වෙනිදායි.

views

329 Views

Comments

arrow-up