චීනයට එරෙහිව ලෝක බලවතුන් තිදෙනෙක් කඳවුරු බඳී

චීනයෙන් එල්ල වන බලපෑම්වලට මුහුණ දීම සඳහා, ලෝක බලවතුන් තිදෙනෙකු වන ඔස්ට්‍රේලියාව, ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය විසින් න්‍යෂ්ටික බලය සහිත සබ්මැරීන සමූහයක් නිර්මාණය කිරීමට තීරණය කර ඇත.
ඔවුන් අතර ඇති "අකුස්" නම් ගිවිසුම මගින් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරයි.
එම ගිවිසුමේ පළමු පියවර ලෙස ඇමරිකාවෙන් න්‍යෂ්ටික බලය සහිත සබ්මැරීන 3ක් ඔස්ට්‍රේලියාව විසින් මිලදී ගැනීමට තීරණය කර ඇති අතර, ඉන් පසු ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය තාක්ෂණය යටතේ සබ්මැරින් නිෂ්පාදනය කිරීමට ඕස්ට්‍රේලියාව බලාපොරොත්තු වේ.
ඇමරිකානු ජනපති ජෝ බයිඩන්, ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනක් ඇමරිකාවේ සැන් ඩියෙගො හි නාවික කඳදවුරකදී මේ සඳහා එකිනෙකා හමු වී සාකච්චා කර ඇති අතර, එම සාකච්ඡාවේදී අකුස් ගිවිසුම යටතේ වූ මෙම නව සැලැස්ම හෙළි කර ඇත.
158 Views
Comments