සති 22න් ඉපදී ගිනස් වාර්තා අතරට ගිය නිවුන් දරුවෝ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

සති 22න් ඉපදී ගිනස් වාර්තා අතරට ගිය නිවුන් දරුවෝ

සති 22න් ඉපදී ගිනස් වාර්තා අතරට ගිය නිවුන් දරුවෝ

ලොව වඩාත් අඩුම ගර්භනී කාලයකින් උපත ලැබූ නිවුන් දරුවන් ලෙස කැනේඩියානු ජාතික දරුවන් දෙදෙනකු ගිනස් වාර්තා අතරට එක්ව තිබේ. ආඩියා සහ ඒඩ්‍රියල් නඩරාජා නම් මෙම දරුවන් දෙදෙනා සති 22 ක එනම් දින 126 ක ගැබිනි කාලයකින් මෙසේ උපත ලබා ඇත.

 

මේ නිවුන් දරුවන් උපත ලබා ඇත්තේ නොමළ දරු උපතක් සිදුවිය හැකි අවම ගැබිනි කාලය වන සති 22 ක කාලයටත් පැයකට පෙර වේ. සාමාන්‍ය ගැබිනි කාලය සති 40 ක් වන අතර මේ අනුව ආඩියා සහ ඒඩ්‍රියල් දරුවන් නිසි කාලයට සති 18 කට පෙර උපත ලබා තිබීම විශේෂත්වයකි.

views

198 Views

Comments

arrow-up