ජැනට් යෙලන් යුක්‍රේනයේ සංචාරයක

ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් වන ජැනට් යෙලන් මහත්මිය පෙර දැනුම්දීමකින් තොරව හදිසියේ ම යුක්‍රේනයට ගොස් ඇති අතර එහිදී යුක්‍රේන ජනාධිපතිවරයා හමු වී ඇත. ඇමරිකාව යුක්‍රේනයට දිගින් දිගටම සහයෝගය ලබාදෙන බව ඇය එහිදී ප්‍රකාශ කර සිටියා ය.
භාණ්ඩාගාර ලේකම්වරිය විසින් යුක්‍රේනයට ආර්ථික සහාය ලබා දෙන බව ද පොරොන්දු වී ඇති බව වාර්තා වේ. ඇය මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අවධාරණය කරනු ලැබුවේ, ඉදිරියේදී රුසියාවට තවදුරටත් සම්බාධක පැනවීමට අපේක්ෂා කරන බවයි. මීට පෙර අවස්ථාවකදී ද ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පෙර දැනුම්දීමකින් තොරව යුක්‍රේන සංචාරයක නිරත වූ බව විදෙස් මාධ්‍ය පවසයි.
190 Views
Comments