FEB
22
ඇෆ්ගන් පකිස්ථාන් දේශසීමාව හදිසියේ වසා දමයි

තලේබාන් බලධාරීන් තීරණය කොට ඇත්තේ, පකිස්ථානය - ඇෆ්ගනිස්ථානය අතර ප්‍රධාන දේශසීමා හරස් මාර්ගය වසා දැමීමටය. ඒ හේතුවෙන් දේශසීමා හරස් මාර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථ 6000 ක් පමණ සිරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉන් දැඩි බලපෑමක් දෙරටෙහි ව්‍යාපාරික කටයුතුවලට එල්ල වී ඇතැයි සඳහන් වේ. කෙසේවෙතත් තලේබාන් බලධාරීන් විසින් එම දේශසීමා වසා දැමීමට හේතුව පිළිබඳ නිශ්චිත ප්‍රකාශයක් මෙතෙක් සිදුකර නැත.
191 Views
Comments