රුසියානු ජනපති ජාතිය අමතයි

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කර තිබේ. යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එහිදී සිය අදහස් ප්‍රකාශ කර ඇති අතර එසේම එම යුද්ධය ඇති කිරීම සඳහා බටහිර ජාතීන් මුල් වූ බවද පැවසීය.
අමෙරිකාව සහ ඔවුන්ගේ මිතුරු රටවල් තෙරක් නොපෙනෙන බලයක් ලබාගැනීම සඳහා උත්සාහයක නිරතවන බව ඔහු තවදුරටත් පවසයි. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ දිනයේ යුක්‍රේනයේ සංචාරයක නිරතවෙමින් රුසියාවට විවිධ චෝදනා එල්ලකළේය. එම චෝදනාවන්ට පිළිතුරු දීම සඳහා මෙලෙස පුටින් ජාතිය ඇමතීමට තීරණය කර ඇති බව ගෝලීය දේශපාලන විචාරකයින් පවසයි.
170 Views
Comments