තුර්කියේ මරණ සංඛ්‍යාව 41000 පනී

තුර්කි - සිරියා භූ කම්පනයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 41,000 ඉක්මවා ගොස් තිබේ. මේ වනවිට සහන කණ්ඩායම්වල අවධානය දැඩි සීත කාලගුණය මධ්‍යයේ නවාතැන් හෝ ප්‍රමාණවත් ආහාර නොමැතිව පීඩාවට පත්ව ඇති ජනතාවට උපකාර කිරීම කෙරෙහි යොමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ, රටවල් දෙකෙහි මිලියන 26 කට මානුෂීය ආධාර අත්‍යවශ්‍ය බවයි. ජාත්‍යන්තර සංවිධාන විසින් සනීපාරක්ෂාව සහ බෝවන රෝග පැතිරීම වැනි සෞඛ්‍ය ගැටලු පාලනය පිළිබඳව ද සිය අවධානය යොමු කර තිබේ.
238 Views
Comments