උතුරු කොරියාවේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් නිසා දහස් ගණනක් ජීවිත අනතුරේ

විදෙස් වාර්තා පවසන්නේ, උතුරු කොරියාවේ න්‍යෂ්ටික මිසයිල අත්හදාබැලීම් හේතුවෙන් උතුරු කොරියාවේ, චීනයේ සහ ජපානයේ දහස් ගණනක පිරිසක් විකිරණ සඳහා නිරාවරණයවීමේ අවදානමකට ලක්ව ඇති බවයි. වැඩිදුරටත් විදෙස් මාධ්‍ය පවසන්නේ, උතුරු කොරියාව විසින් සිදුකළ භූගත න්‍යෂ්ටික පරීක්ෂණ හේතුවෙන් භූගත ජලය හරහා පැතිරෙන විකිරණශීලී ද්‍රව්‍යවලට ඔවුන් නිරාවරණය විය හැකි බව මානව හිමිකම් කණ්ඩායමක් සිදුකළ පර්යේෂණයක සඳහන් වන බවයි.
උතුරු හැම්ග්යොන්ග් පළාතේ පුන්ජීයීරී ප්‍රදේශයේ දී උතුරු කොරියාව 2006 සහ 2017 අතර කාලය තුළ කඳුකර රහසිගතව න්‍යෂ්ටික අවි අත්හදාබැලීම් 06 ක් සිදුකර ඇති බව වාර්තා විය. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, විකිරණශීලී ද්‍රව්‍ය එම ප්‍රදේශය ආසන්නයේ නගර 08 ක් සහ උතුරු කොරියානුවන් මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් ජීවත්වන ප්‍රාන්තවල පැතිර යා හැකි බව ය.
195 Views
Comments