භූ කම්පනයෙන් අසරණ වූ දරු දැරියන් වෙනුවෙන් සෙල්ලම්බඩු වලින් ක්‍රීඩා පිටියක් පුරවයි

පාපන්දු තරගයක් නැරඹීමට පැමිණි දහස් ගණන් රසිකයින් තුර්කි - සිරියා භූකම්පනයෙන් විපතට පත් දරුවන්ට ලබාදීමේ අරමුණින් සෙල්ලම් බඩු දහස් ගණනක් පාපන්දු පිටිය දෙසට විසි කිරීමේ සිදුවීමක් ඉස්තාන්බුල් නගරයෙන් වාර්තා වේ.
පසුගිය ඉරිදා තුර්කි සුපර් ලීග් පාපන්දු තරගාවලියේ siktas සහ Antalyaspor කණ්ඩායම් අතර පැවති තරගය අතරතුර මෙම සිදුවීම වාර්තා වී තිබේ.
එම දර්ශනවලට අනුව පුද්ගලයින් 42,000 දෙනෙකුට පමණ අසුන් ගත හැකි ප්‍රේක්ෂකාගාරයේ ප්‍රේක්ෂකයින් අත විවිධ වර්ණවලින් යුත්, විවිධ ප්‍රමාණයේ සතුන් දැකගත හැකි ව තිබෙන අතර තරගය ආරම්භ වී මිනිත්තු 4යි තත්පර 17කින් ප්‍රෙක්ෂකාගාරයේ සිට පාපන්දු පිටියට මෙලෙස පරිත්‍යාග ගලා ගියේය.
පසුගිය 6 වැනිදා 47,000 කට අධික පිරිසකට මරු කැඳවමින් සිදු වූ තුර්කි - සිරියා භූකම්පනයෙන් ගොඩනැගිලි 93,000 ක් පමණ විනාශවී ගිය අතර තුවාල ලැබූ පිරිස සිය දහස් ගණනකි.
209 Views
Comments