උතුරු කොරියාවේ දරුවන්ට හොලිවුඩය තහනම්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

උතුරු කොරියාවේ දරුවන්ට හොලිවුඩය තහනම්

උතුරු කොරියාවේ දරුවන්ට හොලිවුඩය තහනම්

උතුරු කොරියාවේ ජනාධිපති වන කිම් ජොන් අන් විසින් ලබා දුන් නියෝගයක ප්‍රතිඵලයක් ලෙස උතුරු කොරියාවේ දරුවන් හට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල නිෂ්පාදනය කරන ලද චිත්‍රපට නැරඹීම තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසා සිටී.

 

දරුවන්ගේ  අධ්‍යාපනයේ පටන් ගැන්ම නිවස තුළින් සිදුවන බවත්, නිසි අධ්‍යාපනයක් නොමැති වුවහොත් දරුවන් ධනවාදය තුළ විනෝදවෙමින් සමාජ විරෝධී පිරිසක් ලෙස කටයුතු කිරීමට පෙළඹිය හැකි බවත් උතුරු කොරියානු පාලනාධිකාරිය පවසා ඇති බව විදෙස් මාධ්‍ය ඔස්සේ වාර්තා වී ඇත. 

 

අදාළ නියෝගයන්ට අවනත නොවන දරුවන් සිටියහොත් ඔවුන්ගේ මව්පියන් අත්අඩංගුවට ගන්නා බවත්, මාස 06 ක කාලයක් කම්කරු කඳවරුවලට යොමු කිරීමට නියමිත බවත්, ඔවුන්ගේ දරුවන්ද වසර 05 ක කාල සීමාවක් රඳවා තබා ගන්නා බවත් වැඩි දුරටත් වාර්තා වේ.

views

194 Views

Comments

arrow-up