චීනය ටිබෙටයේ දත්ත ගොඩගසයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

චීනය ටිබෙටයේ දත්ත ගොඩගසයි

චීනය ටිබෙටයේ දත්ත ගොඩගසයි

 

චීනය විසින් නව විශාල දත්ත මධ්‍යස්ථානයක් ටිබෙටයේ අගනගරය වන ලාසා හි ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

එම වාර්තා පෙන්වාදෙන්නේ එය ප්‍රාදේශීය මට්ටමේ එවැනි පළමු මධ්‍යස්ථානය වන බවත් විශාල දත්ත ඒකාබද්ධ කිරීම සහ යෙදුම් බෙදාගැනීම සඳහා මෙය යොදා ගන්නට යන බවත්ය.

 

චීන කොමියුනිස්ට් පක්ෂයට අනුව මෙය රජයේ කටයුතු, ආර්ථික සංවර්ධනය, සමාජ පාලනය, ජනතාවගේ ජීවනෝපාය, වෙළඳපල අධීක්ෂණය, මූල්‍ය, දේශසීමා සමෘද්ධිය, පරිසර ආරක්ෂණය සහ හදිසි ගිනි පාලනය ඇතුළු ඩිජිටල් සේවාවන් ඉහළ නැංවීමට උපකාරී වනු ඇත.

views

203 Views

Comments

arrow-up