NOV
13
කඩදාසි කැපීමට යොදා ගන්නා තියුණු තලයක් නිසා ඇමරිකාවේ ගුවන් යානයක් හදිසියේ ම ගොඩබස්සවයි

ෆ්‍රොන්ටියර් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හදිසියේ ම ඇමරිකාවේ ඇට්ලන්ටා ගුවන් තොටුපළ වෙත ගොඩබස්වා තිබුණි.
ඒ කඩදාසි කැපීමට යොදා ගන්නා තියුණු තලයක් ළඟ තබාගෙන සිටි මගියෙකු හේතුවෙනි.
මෙම ගුවන් යානය ඇමරිකාවේ උතුරු කෙන්ටකි ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ගමන් ආරම්භ කිරීමෙන් පසුව මගියෙකු සතුව තිබී කඩදාසි කැපීමට යොදා ගන්නා තියුණු තලයක් සොයාගෙන තිබුණි.
ඒ අනුව ගමන් පථය වෙනස් කළ ගුවන් යානය ඇට්ලන්ටා ගුවන්තොටුපල වෙත ගොඩබැස්සවීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.
221 Views
Comments