උතුරු කොරියාව යළි අමෙරිකාව සමඟ හැප්පෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
06

උතුරු කොරියාව යළි අමෙරිකාව සමඟ හැප්පෙයි

උතුරු කොරියාව යළි අමෙරිකාව සමඟ හැප්පෙයි

 

උතුරු කොරියාව යළිත් වරක් අමෙරිකාව සහ දකුණු කොරියාව වෙත ප්‍රබල අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ, අමෙරිකාව සහ දකුණු කොරියාව එක්ව සිදුකරන ගුවන් අභ්‍යාසය තවදුරටත් දීර්ඝ කරන බවට අමෙරිකාව නිවේදනය කිරීමත් සමඟ ඊට ප්‍රතිචාර දක්වමින්.

 

ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ උතුරු කොරියාව සමඟ එකට එක කිරීමක් ලෙස අමෙරිකාව ගුවන් අභ්‍යාසයේ කාලසීමාව දීර්ඝ කර ඇති බවයි. කෙසේවෙතත් උතුරු කොරියාව පවසන්නේ තමන් මීට පෙර නිකුත් කළ අනතුරු ඇඟවීම් නොතකා ගුවන් අභ්‍යාස කාල සීමාව දීර්ඝ කිරීමට අමෙරිකාව සහ දකුණු කොරියාව ගත් තීරණය අතිශය අවදානම් සහ වැරදි සහගත ක්‍රිියාවක් බවයි.

 

එහි ප්‍රතිපළ ඉදිරියේදී දැකගත හැකිවනු ඇති බවට උතුරු කොරියාව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

 

අමෙරිකාවේ සහ දකුණු කොරියාවේ ගුවන් අභා්‍යාසයට විරෝධයපා උතුරු කොරියාව ඉකුත්දා දකුණු කොරියාව දෙසට මිසයිල 23 ක් දියත් කළා.

views

250 Views

Comments

arrow-up