OCT
31
ලොව දිගම මගී දුම්රිය ස්විට්සර්ලන්තයෙන්

ලොව දිගම මගී දුම්රිය ධාවනය කරමින් වාර්තාවක් පිහිටුවීමට ස්විට්සර්ලන්ත දුම්රිය රියදුරෙකු සමත් වී තිබේ.
ස්විට්සර්ලන්ත දුම්රිය සේවයට වසර 175ක් සපිරීම නිමිත්තෙන් මෙම දුම්රිය ගමන සංවිධානය කර තිබුණි.
මැදිරි 100කින් සමන්විත කිලෝමීටර් 1.9ක් දිග මෙම දුම්රිය ඇල්ප්ස් දුම්රිය මාර්ගයේ ගමන් කිරීමෙන් මෙම වාර්තාව පිහිටුවා ඇති අතර එය ධාවනය කර ඇති දුර කිලෝමීටර් 25කි.
277 Views
Comments