බොරිස් ජොන්සන් පක්ෂ නායකත්ව සටනින් ඉවතට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
24

බොරිස් ජොන්සන් පක්ෂ නායකත්ව සටනින් ඉවතට

බොරිස් ජොන්සන් පක්ෂ නායකත්ව සටනින් ඉවතට

බ්‍රිතාන්‍ය කන්සර්වටිව් පක්ෂ නායකත්ව සටනට තමන් ඉදිරිපත් නොවන බව බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ(23) නිවේදනය කළේය.

 

මෙම අවස්ථාවේ තමන් කන්සර්වටිව් පක්ෂ නායකත්ව සටනට ඉදිරිපත්වීම සුදුසු නොවන බවත් කන්සර්වටිව් පක්ෂය එක්සත් කිරීමේ බලාපොරොත්තුවෙන් පක්ෂ නායකත්ව සටනට තමන් ඉදිරිපත් නොවන බවත් හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

 

මෙම අවස්ථාවේ බ්‍රිතාන්‍යයට අවශ්‍ය මහ මැතිවරණයක් නොව තම රටවැසියන් මුහුණදී සිටින ආර්ථික අර්බුදයෙන් ගලවා ගැනීම බව ජොන්සන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

 

2024 වසරේ තමන් කන්සර්වටිව් පක්ෂය මැතිවරණ ජයග්‍රහණයක් කරා රැගෙන යාමට සුදානම් බවත් තමන්ට මේ අවස්ථාවේද ටෝරි මන්ත්‍රීවරු 102 කගේ සහයෝගය තිබෙන බවත් ජොන්සන් පෙන්වා දුන්නේය.

 

පෙනී මොර්ඩන්ට් සහ රිෂී සුනාක් සමග ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් එකගතාවයකට පැමිණීමට ඊයේ(23) පැය 3 ක සාකච්ඡාවක් පැවැත්වූවත් එය අසාර්ථක වූ බවත් ඒ හේතුවෙන් තමන් පත්වන නව නායකයාට සහයෝගය ලබා දෙන බවත් ජොන්සන් සඳහන් කළේය.

 

පෙනී මෝර්ඩන්ට් හට ටෝරි මන්ත්‍රීවරු 100 දෙනෙකුගේ සහයෝගය නොමැති බැවින් රිෂී සුනාක් අද(24) නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ මත පළ කළහ.

views

220 Views

Comments

arrow-up