ලෙබනනය ලඟදීම ”අසාර්ථක රාජ්‍යයක්” වීම නොවැලැක්විය හැකියි - ජාත්‍යන්තර මාධ්‍ය

ලෙබනනය නුදුරේදීම "අසාර්ථක රාජ්‍යයක්" වීම නොවැලැක්විය හැකි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මාස ගණනාවක සිට එරට රාජ්‍ය අංශයේ සේවකයෝ වර්ජනයක නිරතව සිටිති.
ජීවන තත්ත්වය කඩාවැටීමට විරෝධය දක්වමින් ඔවුන් එම වර්ජනය කැඳවා තිබුණි.
නමුත් මේ වනවිට සිදුව ඇත්තේ එරට ආර්ථිකය තවත් අර්බුදයට ලක්වීම බව විචාරකයෝ පෙන්වාදෙති.
රට ට සුදුසු ආර්ථික ස්ථායිකරණ සැලැස්මකට එකඟ වීමට දේශපාලනඥයන් අසමත්ව සිටියි.
මේ වනවිට එරට රාජ්‍ය අංශය තවදුරටත් අකර්මන්‍ය වෙමින් පවතී.
මේ සතියේ එරට විනිසුරුවන්ද විරෝධතා ඇරඹීය.
එසේම රටේ බොහෝ කාර්යාල සඳහා විදුලිය නොලැබෙයි. එදිනෙදා කටයුතු පවත්වා ගෙන යාමට අවශ්‍ය මුදල් ද සපයා නොමැත.
247 Views
Comments