ප්‍රංශයේ ලැව්ගිනි

ප්‍රංශයේ නිරිතදිග ප්‍රදේශයේ හට ගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් මේ වනවිට හෙක්ටයාර 7000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර ගින්න මැඩපැවැත්වීමට අධික උෂ්ණත්වය සහ සුළඟෙන් බාධා මතුවී තිබෙනවා.
මෙම ලැව්ගිනි පාලනයට එරට ගිනි නිවීමේ භටයන් දහසකට වැඩි පිරිසක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට අදාළ ප්‍රදේශවල පුද්ගලයන් දහ දාහකට ආසන්න සංඛ්‍යාවක් එම පෙදෙස් හැරගොස් ඇති බවද වාර්තා වනවා.
මේ අතර යුරෝපයේ මේ දිනවල වාර්තා වන අධික උෂ්ණත්වය හේතුවෙන් ස්පාඤ්ඤය සහ පෘතුගාලයේ මරණ දාහක් පමණ සිදුවී තිබෙනවා.
300 Views
Comments