ඇෆ්ගනිස්ථානයේ යළි ගැටුම්- තලේබාන් සාමාජිකයන් 22 දෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථාන ජාතික ප්‍රතිරෝධී පෙරමුණ සමඟ ඇති වූ සටන්වලදී තලේබාන් සටන්කාමීන් 22 දෙනෙකු මිය ගිය බව නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණේ ප්‍රකාශකයෙකු වන සෙබ්ගතුල්ලා අහමදි පවසයි.
කෙසේවෙතත්, පන්ජ්ෂිර්හි නිම්නයේ ප්‍රාදේශීය තලේබාන් නායකයින් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ සටන්වලදී තිදෙනෙකු පමණක් තුවාල ලබා ඇති බවයි.
දාරා දිස්ත්‍රික්කයේ සතුරු ප්‍රහාර වර්ධනය වී ඇති නමුත් තලේබාන් හමුදාවන්ට එල්ල වූ කුඩා පරිමාණ ප්‍රහාර නිසා වාහන තුනක් විනාශ වී සාමාජිකයින් තිදෙනෙකුට තුවාල සිදු වූ බව පන්ජ්ෂිර් පළාතේ තලේබාන් ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශක අබු බකර් සිද්දිකි පැවසීය.
733 Views
Comments