MAY
17
හොංකොංහි කාදිනල් අත්අඩංගුවට

හොංකොංහි කතෝලික ප්‍රජාවේ නායක කාදිනල් ජෝසප් සෙන් සෙ-කියුන් අත්අඩංගුවට ගැනීම එම ප්‍රජාව තුළ කම්පනයක් මෙන්ම කනස්සල්ල ද ඇතිකර ඇති බව වාර්තා වේ.
90 හැවිරිදි කාදිනල්වරයා, හිටපු විපක්ෂ නීති සම්පාදකවරියක් වන මාග්‍රට් න්ගාවෝ යී සහ ගායිකාවක් වන ඩෙනිසේ හෝ වෑන් සි පසුගියදා ජාතික ආරක්ෂක පොලිසිය විසින් රඳවා ගනු ලැබුවේ විදේශ බලවේග සමඟ හවුල් වූ බවට චෝදනා කරමිනි.
මෙවැනි දැඩි ක්‍රියාමාර්ගයක් මගින් ආගමික කණ්ඩායම්වලට එරෙහිව කටයුතු කිරීමේ රජයේ අභිලාෂය පෙන්වන බව එරට වාර්තා කියයි.
724 Views
Comments