දිල්ලියේ ගොඩනැගිල්ලක් ගිනිගෙන 27 දෙනෙක් ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
14

දිල්ලියේ ගොඩනැගිල්ලක් ගිනිගෙන 27 දෙනෙක් ජීවිතක්‍ෂයට

දිල්ලියේ ගොඩනැගිල්ලක් ගිනිගෙන 27 දෙනෙක් ජීවිතක්‍ෂයට

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ව්‍යාපාරික ආයතන රැසක් පිහිටි සිවුමහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් 27 දෙනෙකු මියගොස් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.


ගින්න හටගෙන තිබෙන්නේ ඊයේ(13) සවසයි.

 

ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ නවදිල්ලියේ මුන්ඩ්කා පළාතේ වන අතර ගින්නට කොටුවුණු පිරිස 50 කට වැඩිය. 


ඔවුන් සියලු‍දෙනා මුදා ගැනීමටත්, තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බවද වාර්තාවේ.


ගිනි නිවන භටයන් ඉහළ මහලවල සිරවී සිටි පිරිස් මුදා ගත්තේ දොඹකර යොදා ගනිමිනි. ගින්න හටගෙන ඇත්තේ ගොඩනැගිල්ලේ පළමු මහලේය.

 

නිසි ලෙස ගොඩනැගිල්ල නඩත්තු නොකිරීම හේතුවෙන් ගින්න හටගත් බව මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර ගොඩනැගිල්ල අයත් සමාගමේ හිමිකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

 

ගොඩනැගිල්ලේ හිමිකරු පොලිසියෙන් බේරී පලා ගොස් ඇතැයිද පැවැසෙන අතර ඔහු සොයා විමර්ශන ආරම්භකර තිබේ.

views

659 Views

Comments

arrow-up