චීන ජනපති හදීසියේ ලෙඩ වී රෝහල් ගත කරයි

චීන ජනාධිපති ෂී ජින්පින්, මොළයේ රුධිර නාළ ඉදිමිමේ 'මස්තිෂ්ක ධමනි ප්‍රදාහය' හෙවත් සරේබ්‍රල් ඇනියුරිසම් නමැති රෝගී තත්ත්වයෙන් පීඩා විඳින බව විදස් මාධ්‍ය ඊයේ (11) වාර්තා කළේය.
68 හැවිරිදි ජනාධිපතිවරයා, 2021 වසර අවසානයේ හිටිහැටියේ රෝහල් ගත කෙරුණි.
ඔහු 'මස්තිෂ්ක ධමනි ප්‍රදාහය' රෝගී තත්වයෙන් පීඩා විඳිනවා යැයි වෛද්‍යවරුන් නිර්ණය කළේ එම අවස්ථාවේදී යැයි මාධ්‍ය වාර්තා වැඩි දුරටත් වාර්තා කර තිබේ.
රෝගී තත්වය සඳහා බටහිර ඖෂධ ලබා ගැනිම හෝ සැත්කම් සඳහා යොමු වීම හෝ ජනාධිපති ජින්ජන් ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහු යොමු වී ඇත්තේ සාම්ප්‍රදායික චීන ඖෂධ කෙරෙහිය.
සාම්ප්‍රදායික චීන ඖෂධවල ගුණය තමන් හොඳින් දන්නා බවත්, ප්‍රතිකාර සඳහා සාම්ප්‍රදායික චීන ඖෂධ භාවිතයට තමන් කැමැති බවත් ජනාධිපති ජින්පින් ඔහුගේ වෛද්‍යවරුන්ට පවසා ඇතැයි ද වාර්තතා වේ.
2019 වසරේ සිට ජනාධිපති ජින්පින්ගේ සෞඛ්‍යයේ වෙනසක් විදෙස් මාධ්‍යවේදීන්ට දකින්න ලැබී ඇත.
752 Views
Comments