උතුරු කොරියාවෙන් කොවිඩ් රෝගින් මිලියනයක්

කෝවිඞ් වෛරසයේ නවතම ප‍්‍රභේදය වූ ඔමික්‍රොන් වලින් බරපතල තර්ජන එල්ල වී ඇති උතුරු කොරියාවෙන් මේ වන විට ආසාදිතයින් මිලියනයකට අධික පිරිසක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කළා.
අසාධ්‍ය වූ පුද්ගලයින් 50 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව සදහන්.
මෙවන් තත්ත්වයක් තුළ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් එරට සෞඛ්‍ය නිළධාරීන්ට දෝෂාරෝපනය කර ඇති බව අද වාර්තා වුණා.
ඒ, වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා ගන්නා ක‍්‍රියාමාර්ග මන්දගාමී බවට සදහන් කරමින්.
එමෙන්ම ඖෂධ බෙදාහැරීමේ කටයුතු සදහා එක්වන ලෙස එරට ආරක්ෂක හමුදාවට උතුරු කොරියානු නායකයා නියෝග කර ඇති බව සදහන්.
601 Views
Comments