ට්විටර් සමාගමේ සේවකයින් අනතුරේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
31

ට්විටර් සමාගමේ සේවකයින් අනතුරේ

ට්විටර් සමාගමේ සේවකයින් අනතුරේ

 

ඉලෝන් මස්ක් ට්විටර් සමාගමේ හිමිකාරීත්වය ලබාගැනීමත් සමග එම සමාගමේ සේවකයින් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

 

ඉලෝන් මස්ක් ට්විටර් සමාගමේ කළමණාකරුවන්ගෙන් ඉවත් කළ යුතු පුද්ගලයින්ගේ ලැයිස්තුවක් ද කැඳවා ඇති බව වාර්තා වේ.

 

මස්ක් ට්විටර් සමාගම හිමිකර ගැනීමට පෙර සිටම සමාගමේ සේවක සංඛ්‍යාව කප්පාදු කරන බවට මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඇතැම් වාර්තා පවසන්නේ සමාගමේ ශ්‍රම බලකායෙන් 75% ක් ඉවත් කරනු ඇති බවය.

 

ඔහු ට්විටර් සමාගම අමෙරිකානු ඩොලර් බිලියන 44ක මුදලකට මිලදීගෙන දින කිහිපයකට පසුව එම තීරණය ගෙන තිබේ.

views

203 Views

Comments

arrow-up