පාකිස්තානයේ මාධ්‍යවේදියෙකුව වෙඩි තබා මරා දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
25

පාකිස්තානයේ මාධ්‍යවේදියෙකුව වෙඩි තබා මරා දමයි

පාකිස්තානයේ මාධ්‍යවේදියෙකුව වෙඩි තබා මරා දමයි

පාකිස්තාන මාධ්‍යවේදියෙකු වන අර්ෂාඩ් ෂරීෆ් කෙන්යාවේ නයිරෝබි හිදී වෙඩි තබා ඝාතනය කර තිබේ.

 

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදියාගේ බිරිඳ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

පාකිස්තානයේදී ද එම මාධ්‍යවේදියාට මරණ තර්ජන එල්ල වීම හේතුවෙන් ඩුබායි වෙත පළාගිය අතර එහිදී ද එල්ල වූ ජීවිත අවදානම නිසා ඔහු කෙන්යාව වෙත ගොස් තිබුණි.

 

ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක ත්‍රස්ත කණ්ඩායමක් විසින් සිය සැමියා ඝාතනය කර ඇති බවට සැක පළ කරන බව ඔහුගේ බිරිඳ ප්‍රකාශ කර ඇත.

 

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 50 හැවිරිදි වියේ පසු වු පාකිස්තාන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

views

211 Views

Comments

arrow-up