OCT
18
ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් හයදෙනෙක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ උත්තරාකාන්ද් ප්‍රාන්තයේ දී හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
ඉන්දියාවේ හිමාලයේ කේදර්නාත් වෙත වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් සිටි හෙලිකොප්ටරයක් මෙලෙස කඩා වැටී අනතුරට ලක්ව තිබේ.
මෙම අනතුරෙන් හෙලිකොප්ටරයේ ගමන් කළ පුද්ගලයන් 06 දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි සැක පල කරයි.
222 Views
Comments