OCT
12
චීන කොමියුනිස්ට් පක්ෂයේ සම්මේලනය 16 වැනිදා

චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ සම්මේලනය එළඹෙන 16 වැනිදා පැවැත්වීමට නියමිතයි.
වසර පහකට වරක් පැවැත්වෙන මෙම සම්මේලනයේදී පාලක කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ධුරය දරන චීන ජනාධිපති ෂී ජින්පින්ග් තුන්වන වරටත් එහි මහලේකම්වරයා ලෙස රැඳී සිටීමට වැඩි ඉඩකඩක් පවතින බවයි වාර්තා වන්නේ.
එමෙන්ම එහි දෙවැනියා ලෙස කටයුතු කරන දැනට අග්‍රාමාත්‍ය ධූරය දරන ලී කෙකියැන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇති අතර ඔහුගේ තනතුර සඳහා විශාල තරගයක් පවතින බවද වාර්තා වනවා.
208 Views
Comments