OCT
25
උගන්ඩාවේ කම්පාලා අගනුවරින් තවත් ඉබෝලා රෝගීන් 9ක්

උගන්ඩාවේ කම්පාලා අගනුවරින් තවත් ඉබෝලා රෝගීන් 9 දෙනෙකු වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මේ අනුව පසුගිය දින දෙක තුළ කම්පාලා අගනුවරින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගිය බවයි.
පසුගිය සැප්තැම්බර් මාසයේ දී මධ්‍යම උගන්ඩාවේ ග්‍රාමීය ප්‍රදේශයකින් මුල්ම ආසාදිතයන් වාර්තා වීම සටහන් වුණි.
208 Views
Comments