OCT
25
චන්‍ද්‍රයාන් තෙවන අදියර ලබන වසරේදී

ඉන්දීය චන්ද්‍රයාන් මෙහෙයුමේ තුන්වැනි අදියර ලබන වසරේ ජූනි මාසයේදී සිදු කරන බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ සභාපති ආචාර්ය එස්.සෝමනාත් පවසා සිටිනවා.
ඔහු මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ එහි අවසන් අදියරේ මූලික පරීක්ෂණ කටයුතු මේ වන විට සම්පූර්ණ කර ඇති බවයි.
මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට කාල රාමු දෙකක් සූදානම් කර තිබූ අතර තවත් පරීක්ෂණ කිහිපයක් ඉතිරිව ඇති බැවින් එය දියත් කිරීම සඳහා ජූනි මාසය තෝරාගෙන තිබෙනවා.
197 Views
Comments