වෛරසය හදුනාගත හැකි මුව ආවරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
20

වෛරසය හදුනාගත හැකි මුව ආවරණයක්

වෛරසය හදුනාගත හැකි මුව ආවරණයක්

 

COVID-19 හෝ උණ රෝගයට නිරාවරණය වී ඇත්දැයි පරිශීලකයින්ට දැන ගැනීමට ඉඩ සලසන නව මුව ආවරණයක් චීන පර්යේෂකයන් විසින් නිපදවා තිබේ.

 

ෂැංහයි හි ටොංජි විශ්ව විද්‍යාලයේ සේවය කරන විද්‍යාඥයින් හය දෙනෙකු විසින් මෙහෙයවන ලද අධ්‍යයනයට අනුව, මුහුණු ආවරණයක් තුළ සාදන ලද සංවේදකයකින් විනාඩි 10 ක් ඇතුළත වාතයේ ඇති COVID-19, H5N1 සහ H1N1 ඉන්ෆ්ලුවෙන්සා වෛරස් හඳුනාගෙන උපාංගයකට දැනුම්දීම් මේ හරහා සිදුවෙයි.

 

නව සොයාගැනීම මැටර් විද්‍යාත්මක සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලදී. නැවත ආරෝපණය කළ හැකි ලිතියම් බැටරියක් සමග මුහුණ ආවරණයට පිටතින් සවිකර ඇති නව උපාංගය හරහා යමෙකු කතා කරන හෝ කැස්සක් ඇති විය හැකි අවස්ථාවකදී හෝ ගෘහසස්ථ පසුබිමක රෝග කාරක ඇතිදැයි පරීක්‍ෂා කිරීමට හැකියාව පවතී.

views

251 Views

Comments

arrow-up