පාතාලය නිසා සුපිරි තරුව හොඳටම බයෙන්

පාතාලයේ තර්ජන හේතුවෙන් තමා ජීවත්වන්නේ බියෙන් බව ප්‍රකට බොලිවුඩ් නළු සල්මන් ඛාන් සඳහන් කරයි. මෙලෙස ඔහුට මරණ තර්ජන එල්ල වී තිබෙන්නේ ප්‍රකට පාතාල නායකයෙකු වන ලෝරන්ස් බිෂ්නෝයිගෙනි.
එම නිසා සල්මන්ගේ පෞද්ගලික ආරක්ෂාව තර කිරීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර තිබෙන බවත්, ඉන්දීය රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් සල්මන් තමන්ට එල්ල වී ඇති මේ මරණ තර්ජන මෙන්ම ඒ සඳහා ගෙන ඇති ආරක්ෂක පියවර ගැනද ප්‍රකාශ කළේය.
ඔහු තවදුරටත් සඳහන් මෙසේ සඳහන් කර තිබේ.
ඔහු හැමතැනම යන්නේ පූර්ණ ආරක්ෂාව සහිතව බවත්, දෙවියන් විශ්වාස කරන බවත්, ඔහුගේ වටේ ආරක්ෂකයෝ ගොඩක් සිටින බවත් තුවක්කු ගොඩක් ඔහු සමග යන බවත් සඳහන් කර සිටියේය. එසේම මේ දවස්වල ඔහු බයෙන් සිටින බවත් පාරේ බයිසිකල් පැදගෙන ඔහු කොහෙවත් නොයන බවත් ප්‍රකාශ කළේය.
227 Views
Comments