පේරු රාජ්‍යයේ හිටපු ජනපතිවරයාට දූෂණ චෝදනා
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

පේරු රාජ්‍යයේ හිටපු ජනපතිවරයාට දූෂණ චෝදනා

පේරු රාජ්‍යයේ හිටපු ජනපතිවරයාට දූෂණ චෝදනා

පේරු හි හිටපු ජනාධිපති Alejandro Toledo සිකුරාදා එක්සත් ජනපදයේ බලධාරීන්ට භාර වූ අතර දූෂණ චෝදනා වලට මුහුණ දීම සඳහා ඔහු නැවත පේරු වෙත පිටුවහල් කරන බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කර ඇත.

 

 

2001 - 2006 කාලය තුළ බ්‍රසීලයේ ඉදිකිරීම් සමාගමකින් ඩොලර් මිලියන 20 ක අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් 77 හැවිරිදි Toledo හට චෝදනා එල්ල වී තිබේ.

 

 

වරදකරු වුවහොත් ඔහුට වසර 20 ක සිරදඬුවමක් හිමිවනු ඇත.

 

 

ඔහු මීට වසර කිහිපයකට පෙර එක්සත් ජනපදයට පලා ගිය නමුත් 2018 දී පේරු රාජ්‍යය ඔහුව පිටුවහල් කරන ලෙස නිල වශයෙන් ඉල්ලා සිටි අතර ඉන්පසු එක්සත් ජනපද අධිකරණයක් විසින් ඔහුව නිවාස අඩස්සියේ තැබීය.

 

 

ඔහුගේ නීතීඥයින්, ඔහුව නැවත පේරු වෙත යැවුවහොත් ඔහුගේ ජීවිතයට අනතුරක් විය හැකි බවට තර්ක කළ නමුත් උතුරු කැලිෆෝනියාවේ විනිසුරුවරයෙකු මෙලෙස ඔහු පිටුවහල් කිරීමට නියෝග කර තිබේ.

views

235 Views

Comments

arrow-up