යුරෝපයේ යුධ වියදම වාර්තාගත ලෙස ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

යුරෝපයේ යුධ වියදම වාර්තාගත ලෙස ඉහලට

යුරෝපයේ යුධ වියදම වාර්තාගත ලෙස ඉහලට

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් දශක තුනකට පසු යුරෝපයේ විශාලතම වාර්ෂික යුද වියදම පසුගිය වසරේ වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

ඒ ඩොලර් ට්‍රිලියන 2.24 ක් වන අතර ස්ටොක්හෝම් ජාත්‍යන්තර පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනයකට අනුව එය 13% ක වැඩිවීමක් බව වාර්තා වේ.

 

2022 වසරේ පෙබරවාරි මාසයේ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු යුරෝපා රටවල් තම ආරක්ෂාව වෙනුවෙන් අවි ආයුධ සහ හමුදා බලය තර කිරීමට පියවර ගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.

 

යුක්‍රේනයේ යුද වියදම 640% කින් ඉහළ ගොස් ඇති අතර එය 1949 සිට මේ දක්වා සිදුකළ වැඩිම වාර්ෂික වියදමයි. බටහිර රටවල් විසින් සපයනු ලැබූ සියලුම මූල්‍යමය සහ යුද ආධාර මෙයට ඇතුළත් නොවන බවද සඳහන් වේ.

 

views

244 Views

Comments

arrow-up