චීන ආරක්ෂක ඇමති සහ පුටින් අතර බරපතල රාජතාන්ත්‍රික හමුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
17

චීන ආරක්ෂක ඇමති සහ පුටින් අතර බරපතල රාජතාන්ත්‍රික හමුවක්

චීන ආරක්ෂක ඇමති සහ පුටින් අතර බරපතල රාජතාන්ත්‍රික හමුවක්

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ආරක්ෂක අමාත්‍ය ලී ෂැං-ෆු අතර හමුවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

රුසියාවේ දී පැවති මෙම සාකච්ඡාවේදී ආර්ථික, දේශපාලන සහ යුධ සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.

 

එමෙන්ම චීන ආරක්ෂක අමාත්‍යවරයා රුසියානු ජනාධිපති වරයාට ප්‍රකාශ කර ඇත්තේ දෙරට අතර සබඳතා වලට සීමාවක් නොමැති බවත්, යුද මෙන්ම තාක්ෂණික තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට තම රට ඉතාමත් කැමැත්තෙන් සිටින බවත්ය.

 

ලී ෂැං-ෆු අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඔහුගේ ප්‍රථම විදේශ සංචාරය මෙය වන බව සඳහන් වේ.
 

views

225 Views

Comments

arrow-up