යේමනයේ සිවිල් අර්බුදය විසඳන්න සෞදි රාජ්‍යය මැදිහත් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
10

යේමනයේ සිවිල් අර්බුදය විසඳන්න සෞදි රාජ්‍යය මැදිහත් වෙයි

යේමනයේ සිවිල් අර්බුදය විසඳන්න සෞදි රාජ්‍යය මැදිහත් වෙයි

ස්ථිර සටන් විරාමයකට එළඹීමේ අරමුණෙන් හවුති කැරැලිකරුවන් සමග සාකච්ඡාවකට සෞදි අරාබි දූත පිරිසක් යේමනයේ සානා අගනුවරට පැමිණ ඇති අතර, ඊට සහාය දීම සඳහා ඕමානයේ සාම කණ්ඩායමක් ද සානා වෙත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

2015 වසරේ දී හවුති කැරළිකරුවන් යේමන අගනුවර පාලන බලය හිමිකර ගැනීමත් සමග පැවති රජය සහ ඔවුන් අතර යුද්ධයක් ආරම්භ වී තිබුණි.

 

මෙහිදී සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානයක් පැවති රජයට සහාය ලබා දුන් අතර එතැන් සිට මේ දක්වා පැවති ගැටුම්වලින් යේමන ජනගහණය 80% පමණ පීඩාවට පත්ව, ලක්ෂයකට අධික පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.
 

views

213 Views

Comments

arrow-up